Skip to main content

Posts

Showing posts with the label News

ලංකාව aliexpress වල blacklist වෙලා ද?

Why online shopping sites didn't like to ship free?  කොරෝනා සමයේ ලංකාවට ආනයන කෙරුනු භාන්ඩ පාර්සල් 40.000 ක වගේ ප්‍රමානයක ලිපිනයන් මැකී ගොස් තිබුනා. එයට හේතුව තැපැල් දෙපාර්තමේන්තුව එම පාර්සල් වලට විෂබීජහරන ද්‍රාවනයන් ඉසීම යි. එම දියර වල ඇතුලත් මද්‍යසාර හේතුවෙන් පාර්සල් වල ලිපිනය සඳහන් ස්ටිකරයේ තීන්ත මැකී යාම හේතුවෙන් ඒවා අයිතිකරුවන් සොයාගත නොහැකි බවට පත්වී ඇති බව යි පැවසෙන්නේ. ඇතැම් පාර්සල වල අයිතිකරුවන් ගේ විස්තර යම් ප්‍රමානයෙන් නොමැකී ඉතිරිව තිබෙන බවත් එම පාර්සල් ඉතා ඉක්මනින් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනු ලැබුවා. මෙම පාර්සල බොහෝමයක් eBay, aliexpress, Alibaba වැනි online shopping website හරහා ලංකාවට පැමිනි ඒව යි. ඔයාල දන්නව ඇති අපි online website වලින් භාන්ඩ මිලදී ගත්තම එම භාන්ඩය ලංකාවට ලැබෙන තෙක් අපිට ඒ භාන්ඩයේ ගමන් මග, අතට පත් වන දින වකවානු (tracking) වගේ තොරතුරු ව්‍යාපාරිකයො ඉදිරිපත් කරනවා. (සාමාන්‍යයෙන් මාස තුනක් වගේ කාලකින් භාන්ඩය අපේ අතට පත් වෙන බව සඳහන් කරල තිබුනත් ඊට ගොඩක් කලින් අපිට භාන්ඩ ලංකාවට ගෙන්නගන්න පුලුවන්)...