Skip to main content

Posts

Showing posts with the label Science and Technology

How to connect your phone as a cctv

This is the way to connect phone as your cctv. We always use CCTV camera systems for our security needs. But, CCTV setups might be too expensive for your budget. If you are not ready to buy such thing, here is the deal. Change your mind to your smartphone. Yes, you can do the same thing by using your smartphone. Hello everyone, welcome to another 404. In this article I teach you how to connect your smartphone as a CCTV camera. You can also use this method as a spy cam. All you need is your smartphone. Step 01 – Go to Play Store or Apple App Store and download “Ip Web Cam” click here to download app Step 02 - create a cloud streaming account scroll down and click "cloud streaming"  select create new account use any email and password you want. and create an account. now you are ready to go Step 03 - start stream click "start server" at the bottom of the menu Step 04 - go to the cloud if you are using your computer for watch the stream, go to the www.ivideon.com and...

රතු රසදිය Story Behind Red Mercury

වල්ලාපට්ට, කිඹුල් හූනො සහ පරණ අකුණු සන්නායක වල භූගත සන්නායක ටිකට වැඩේ දුන්නට පස්සෙ දැන් ආපහු කතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පරණ වෑර්ලස් රේඩියෝ වල තියෙනවාය කියන රතු රසදිය කියලා ජාතියක් ගැන. අකුණු සන්නායක කතාව වෙත click here පළවෙනි දේ තමයි "රතු රසදිය" ගැන. රසදිය කියන්නෙ ද්‍රව අවස්ථාවෙ තියෙන ලෝහයක්. ඒකෙ පෙනුම හැමෝම දන්නවා ඇති. නොදන්නවා නම් ඇලුමිනියම් තහඩුවක, රිදී මාලෙක තියෙන දිලිසෙන සුදු පාට තමයි තියෙන්නෙ. ඒ හැර පිරිසිදු රසදිය කිසිම වෙලාවක රතු පාටට තියෙන්නෙ නෑ. රසදිය වල සල්ෆයිඩය (මර්කියුරික් සල්ෆයිඩ්) කියලා විද්‍යාවෙදි හඳුන්වන සහ එදිනෙදා භාවිතයේ දි සිනබාර් එහෙම නැත්තම් සාදිලිංගම් කියලා හඳුන්වන සංයෝගයට තියෙනවා තද ලෝහමය රතු පාටක් (පළමු රූපය). මේක තලාතු මිනිරන් වල ස්වභාවය තියෙන ඝන ද්‍රව්‍යයක් මිසක් ද්‍රවයක් නෙමෙයි. එහෙනම් මුල්ම දේ තමයි රතු රසදිය කියලා ජාතියක් ගැන බටහිර විද්‍යාවේ හෝ වෙනත් පෙර-අපරදිග දැනුම් ක්‍රමයක සඳහන් වෙන යමක් නැති බව. දෙවෙනි කාරණය ඔය වැර්ලස් වල තියෙනවාය කියන රතු රසදිය අඩංගු පුංචි වීදුරු මංජුසාව ගැන. මේ රතු රසදිය ගවේෂකයො පෙන්නන ගොඩක් රූප වල තියෙන්නෙ ඇත්තටම ...

කෝටි ගනනින් විකිණෙන පැරණි අකුණු සන්නායක

අද වෙනකොට පැරණි රේඩියෝ වල තිබෙන රසදිය වලට වගේ මීට කාලෙකට කලින් අකුණු සන්නායක වලටත් කෝටි ගනන් ඉල්ලුම් එන්න පටන් ගත්තා. 2018 වසරෙ දවසක පොලීසියෙන් අපිට ලිපියක් ලැබෙනවා ඕලන්ද යුගයට අයත් පැරණි අකුණු සන්නායකයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි කිසියම් ශක්තියක් ගබඩා වී ඇත්දැයි පරීක්ෂා කර දෙන ලෙසත්. අපේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත මමත් තව සගයෙකුත් එය පරීක්ෂා කරන්න එක්තරා පොලිස් ස්ථානයකට ගියා. අපි යනකොට මේ අකුණු සන්නායකය නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කර තිබූ නිසා එය පරීක්ෂා කර බැලීමට තිබූ අවස්ථාව අහිමි උනා.  නමුත්, අපිට කළින් එහි පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අකුණු සන්නායකය ඕලන්ද යුගයේ එකක් නොවෙන බවත් VOC ලාංඡනය සහිතව ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටත් හඳුනාගෙන තිබුණා. මේ ඔය අකුණු සන්නායක කතාවෙ එක පරිච්ඡේදයක්.  පැරණි අකුණු සන්නායක වල භූගත තහඩුවේ  (earth plate) වසර ගණනක් අකුණු ගැසීමෙන් ආරෝපණ රැස් වන බවත්, මේ ආරෝපණ විශේෂ යන්ත්‍රයක් මගින් රැස් කරගෙන යන්න ඇමරිකාවෙ නාසා ආයතනයෙන් පිරිසක් පැමිණ ඇති බවත්, ඔය තහඩුව හාරන වැඩේ ප්ලාස්ටික් සවලකින් කළ යුතු බවත්, නැති නම් අර ශක්තිය නැති...

What Is Bluetooth?

ඉතිහාසය 1989 දී ලෝක ප්‍රසිද්ද Ericsson Mobile සමාගමේ මහාචාර්ය නීල්ස් රයිඩ්බෙක් (Nils Rydbeck) සහ නව නිපැයුම් කරුවෙකු වන ජෝන් ඔල්මන් (John Ollman) විසින් wireless headset එකක් නිපදවීම සදහා මෙම තාක්ශනය යොදාගන්නවා. එලෙස සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ලොව පලමු wireless headset එක නිර්මානය වුනේ 1999 දී ය. එහිදී යොදාගත් තාක්ශනය වැඩිදියුනු කරමින් කෙටිදුර රේඩියෝ තරංග වලින් පරිගනක වල උපාංග කිහිපයක් එකවර connect කරන්න පුලුන් වන විදිහෙ ක්‍රමයක් පිලිබඳ ව පරීක්ශන කරන්න Nokia, Intel  සහ Ericsson යන සමාගම් එකතු වෙනවා. එලෙස සිදුකල පරීක්ශන වල ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ශයේ දී  bluetooth තාක්ශනය ලොවට බිහි වෙනවා. Bluetooth නම හැදුනු විදිහ අතීතයේ සිටි වයිකින් රජෙකු වන හැරල්ඩ් බ්ලූටූත්  (Harold Bluetooth) හට උපහාරයක් පිනිස ඉන්ටෙල් සමාගමේ ජිම් කාර්ඩැක් (Jim Kardach) විසින්  බ්ලූටූත් යන නාමය යෝජනා කරන ලදී. එම අදහස ඔහු හට පහල වී ඇත්තේ එකල ජිම් කියවමින් සිටි ඉතිහාස ප්‍රභන්දයක් නිසා බව තමයි කියවෙන්නේ. (උතුරු යුරෝපානු අක්ශර වලින් Harold Bluetooth යන නාමයේ මුල...