Skip to main content

ඩුබායි සාප්පු හැඩකරපු ලාංකිකයා

කුඩයකින් මොනවද කරන්න පුළුවන් ?

වැස්සට ඉහලන්න

අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න

සමහර වෙලාවට ආත්ම ආරක්ෂාවටත්.

ඒත් කුඩයකින් ගැහැණියකගේ සිත වෙනස් කරන්න.
ආයතනය බලාපොරොත්තු නොවුන ලාභයක් ලබන්න.
මෙතෙක් වෙනත් ආයතන කරගෙන ආ ව්‍යාපාර තම ආයතනයට ලබාගැනීම.

මේ ඒ කුඩය පිළිබඳ කතාවයි. 



බොස්- ලක්ෂ්මන් අපිට අබුඩාබි වල shopping mall එකක් අයිති lady කෙනෙක් කතාකලා.එයාට අවශ්‍යයි කියනවා එයාගේ mall එකේ ප්‍රධාන walk way එක decorate කරගන්න.

මම - කොහොමද බොස් එයා ඉල්ලන්නේ. Flower pedestal ටිකක් දාමු දිගටම.

බොස් - බෑ බෑ මල් නම් පේන්නවත් ගේන්න එපාලු. තව company කීපයක්ම සාම්පල් කරලා පෙන්නලා කැමතිවෙලා නැහැ ඒ එකකටවත්.

මම - එහෙනම් ඉතිං මොනවා කරන්නද ? බොස්ට බැරිද lady ගෙ හිත කියවන්න.

 බොස් - එහෙම නෙවෙයි ඔයා පොඩ්ඩක් ගිහින් location එක බලලා lady ට පොඩ්ඩක් කතාකරලා එන්න බලන්න. 

ඔව් ඉතිං මටම තමයි අහක යන කුණ්ඩවාලු පටලන්නේ කියලා හිතින් බැන බැන මාත් ගියා අබුඩාබි.

Location එක බැලුවා. Lady ට කතාකලා. එයා ඉල්ලන්නෙ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දෙල්කද පොලෙත් නැති දෙයක් .

ඉතිං මොනවද කරන්නේ . සාම්පල් එකක් දෙකක් කරලා පෙන්වන්නම් කියලා ආවා ඩුබායි.

පැය එකහමාරක් එන කොටත් කල්පනා කලේ මොනවද කරන්නේ කියලා. මොන මගුලක්වත් හිතට එන්නේ නැහැ.

එහෙම්මම ගියා මැද පෙරදිග විශාලතම චීන වෙලද පරිශ්‍රයට. Dragon mart UAE.
මුල ඉදලා අගට කිලෝමීටර් 2 ක් විතර දිගයි. 

පැය දෙකක් විතර ඇවිද ඇවිද ගත්තා හිතට එන බඩු කීපයක්.

පහුවෙනිදා උදේම ගියා අබුඩාබි mall එකට . වෙන්කරලා දුන්න තැන කලා සාම්පල කීපයක් .

Lady ආවා. මොන එකකටවත් කැමති නැහැ. එයා බලාපොරොත්තු වෙන එක මෙතන නෑලූ.

බොසාට call එකක් අරගෙන වැඩේ failed කියලා බීම එකකුත් අරගෙන අර decoration කරන්න තියෙන තැන ඉදගෙන කල්පනා කලා. 
දිග කොරිඩෝ එකක්. එතකොට දෙපැත්ත වැහෙන්න බැහැ. මොකද තට්ටු දෙකක් shops. එතකොට කරන දෙයක් කරන්න තියෙන්නේ උඩ හිස් තැනට. ඒක ලස්සනට වහ ගත්තොත් මේ interview එක පාස්.

ඇරබික් ලැන්ටන් ටිකක් එල්ලුවොත් ?

නෑ ඒක common.

ඔය අතරේ ආවා අදහසක් චයිනීස් ලැන්ටන් ටිකක් සෙට් කරනවා කියලා හිතාගෙන ආපහූ ඩුබායි Dragon mart ගියා.

ලැන්ටන් හොයන අතරේ තමයි කුඩයක් ඇහැට වැදුනේ. කුඩේ දැක්කා විතරයි වෙනස් කලා plan එක. ඒ තමයි තෙවෙනි ඇසේ අවදිවීම. කුඩ මිටියක්ම අරගෙන ගිහින් නැවතුනේ අබුඩාබි වල. හැදුවා සාම්පල් එක. 


ආවා lady . 

Excellent... that is my idea 

ඉංග්‍රීසි විදිනවා. 

වැඩේ අනුමතයි.

ලොක්කට call කලා. ලොක්කා ආවා .මාත් එක්ක වියදම් කතා කලා . Lady එක්ක ගණුදෙනුව කතා කලා .  දුන්නා දිනයක් මධ්‍යම රාත්‍රී 12 සිට පසුවදා උදේ 6 වෙනකන්ම වැඩේට .

මොනවද ඉතින් ගෙනාවා mobile lift දෙකක්.ඇද්දා කම්බි දිගට හරහට දැම්මා කට්ටිය එල්ලගෙන ගියා. 


ඉතිං හැමදාමත් කියනවා වගේ වෙනස් දෙයක් කරන්න .වෙනස් විදියට හිතන්න . ටෙලිනාට්‍ය වල ප්‍රශ්න අරගෙන නින්දට යන්න එපා. ඔබගේ සිහින අරගෙන නින්දට යන්න. ඒ සිහින සත්‍ය වන තුරු වැඩ කරන්න. 

Comments

You May Like

GTA V vehicles in Real Life (bikes)

Mommy's tricks

Local guide ගැන සිංහලෙන්