Why online shopping sites didn't like to ship free?
කොරෝනා සමයේ ලංකාවට ආනයන කෙරුනු භාන්ඩ පාර්සල් 40.000 ක වගේ ප්‍රමානයක ලිපිනයන් මැකී ගොස් තිබුනා. එයට හේතුව තැපැල් දෙපාර්තමේන්තුව එම පාර්සල් වලට විෂබීජහරන ද්රාවනයන් ඉසීම යි. එම දියර වල ඇතුලත් මද්‍යසාර හේතුවෙන් පාර්සල් වල ලිපිනය සඳහන් ස්ටිකරයේ තීන්ත මැකී යාම හේතුවෙන් ඒවා අයිතිකරුවන් සොයාගත නොහැකි බවට පත්වී ඇති බව යි පැවසෙන්නේ. ඇතැම් පාර්සල වල අයිතිකරුවන් ගේ විස්තර යම් ප්‍රමානයෙන් නොමැකී ඉතිරිව තිබෙන බවත් එම පාර්සල් ඉතා ඉක්මනින් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනු ලැබුවා.
මෙම පාර්සල බොහෝමයක් eBay, aliexpress, Alibaba වැනි online shopping website හරහා ලංකාවට පැමිනි ඒව යි. ඔයාල දන්නව ඇති අපි online website වලින් භාන්ඩ මිලදී ගත්තම එම භාන්ඩය ලංකාවට ලැබෙන තෙක් අපිට ඒ භාන්ඩයේ ගමන් මග, අතට පත් වන දින වකවානු (tracking) වගේ තොරතුරු ව්‍යාපාරිකයො ඉදිරිපත් කරනවා. (සාමාන්‍යයෙන් මාස තුනක් වගේ කාලකින් භාන්ඩය අපේ අතට පත් වෙන බව සඳහන් කරල තිබුනත් ඊට ගොඩක් කලින් අපිට භාන්ඩ ලංකාවට ගෙන්නගන්න පුලුවන්) පොරොන්දු වූ කාලය තුල භාන්ඩය නොලැබුනොත් ගෙවූ මුදල් ආපසු ලබාදීමටත් (refund) එම ව්‍යාපාරිකයො එකඟ වෙනවා.
(මේ තියෙන්නේ මම කාලෙකට කලින් refund එකක් කලාම මට ඒ seller එවපු refund message එකක්.)
ඉතින් මේ කොරෝනා කාලෙ ලංකාවට ආපු පාර්සල් වල ලිපිනයන් මැකී ගොස් තිබූ නිසා ඒව අයිතිකරුවන් ගෙ අතට ලැබුනේ නෑ. මේ නිසා ලංකාවෙ මිනිස්සු එම භාන්ඩ වල මුදල් නැවතත් ලබා ගැනීමට (refund) කටයුතු කලා (refund request කලොත් seller ට සාදාරන හේතුවක් නොවෙන්න මුදල් නොගෙවා ඉන්න මේ website වලින් පුලුවන් කමක් නෑ). මේ විදිහට ලංකාවෙ ගොඩක් පිරිසක් ඔවුන්ගේ මුදල් නැවත ලබාගෙන තිබුනා. මේ පාර්සල් බොහෝමයක් ලංකාව ආවෙ චීනයෙන්. මිනිස්සු මේ විදිහට money refund request කරපු නිසා එම භාන්ඩ එවපු වෙළෙන්දුට පාඩු සිදුවෙලා තියනවා. ඔවුන් දැන් ලංකාවට භාන්ඩයක් යවන්න 20$ -60$ වගේ මුදලක් ඉල්ලනවා.
Why online websites charging that much for shipping?
ඒ වගේම හුඟක් aliexpress sellers ලා ලංකාවට භාන්ඩ බෙදාහැරීමට අකමැති බව දන්වනවා. එහෙමත් නැත්තන් ඒ සඳහා ලොකු මුදලක් ඉල්ලනවා.
මේ නිසා නුදුරේදී ම ලංකාව aliexpress, Alibaba, eBay, amazon වැනි online shopping website තුල blacklist වීමට ඉඩ තියනවා. (2020 දෙසැම්බර් දක්වා මේ විදිහට බ්ලැක්ලිස්ට් වෙලා තියෙයි)
Is that true??? I also didn't received my parcel
ReplyDeleteMaybe
Delete