Skip to main content

Local guide ගැන සිංහලෙන්


අපි කොහේහරි තැනක්, කඩයක්, ඇඳුම් සාප්පුවක්, හෝටලයක් වගේ ඕනෑම තැනක් ගැන විස්තරයක් හොයා ගන්න නම් කරන්නේ ඒ තැන ගැන google search කරලා බලන එක. ඒ විදිහට search කරාම අපි ඒ ගැන තියන photos, videos reviews වගේ දේවලුත් බලනවා. ඇත්තටම Google එකට කොහෙන්ද මේ reviews, photos ලැබෙන්නේ? අන්න එතනදි තමයි මේ local guide කියන platform එක එන්නේ. දැන හෝ නොදැන අපි මේ බලන photos, ratings, reviews කරන්නේ local guides ලා.

Local guide කෙනෙක් වෙන්නේ කොහොමද?
  • Google account එකක්
  • Google maps app එක 
  • Google search engine 
ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ google account එකෙන් local guide කෙනෙක් විදිහට register වෙන එක විතරයි.

Local guide කෙනෙක් වුනාම ලැබෙන වාසි
  • සල්ලි නම් හම්බවෙන්නේ නෑ
  • Google එකෙන් පවත්වන උත්සව වලට top level local guide ලාට කතා කරනවා
  • හොඳ reviews කරන local guide ලාට hotel වලින් sponsor කරනවා
  • Youtube එකේ travel channel කරන අයට මේක හොඳ අවස්තාවක්
  • ඔයාලට famous වෙන්නත් පුලුවන් ( අපේ band එක practice කරන තැන මම කරපු review, photos වලට 8000 කට වඩා views තියනවා)
  • ඔයාලගෙ review එක තව කාටහරි උදවුවක් වෙන්නත් පුලුවන
මොනවද local guide කෙනෙක් විදිහට කරන්න ඕනේ?

ඔයාල ගියපු තැනක් ගැන හොඳ වගේ ම නරක වුනත් කියන්න පුලුවන්. Bad reviews දැම්මා කියලා points අඩු වෙන්නෙ නම් නෑ. 

  1. Ratings - 1 - 5 stars ratings දෙන්න ඔයාලට පුලුවන් 
  2. Photos, videos add කරන්න පුලුවන්
  3. Answers - මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලා review කරපු ස්ථාන ගැන සරල කෙටි පිළිතුරු (yes, no, maybe) ලබා දෙන්න
  4. Edits - reviews වල වැරදි, අලුතෙන් එකතු විය යුතු තැන්
  5. Add place/road - Map එකේ නැති දේවල් අලුතෙන් add කරන්න පුලුවන් 
  6. Facts checked - ස්ථාන ගැන තොරතුරු නිවැරදි දැයි බැලීම
  7. Q & A - ඔයාලා review කරපු තැන් ගැන ප්‍රශ්න අහන්නත් උත්තර දෙන්නත් පුලුවන්
 
Local guide කෙනෙක් විදිහට අපි මේ කරන හැම දේටම points add වෙනවා


ඒ වගේම අපේ points වලින් level  up වෙනවා.

(හොඳ photos ටිකක් වගේම හොඳ reviews කරන්න පුලුවන් නම් එක දවසින් level 5 වෙන්න පුලුවන් )



Google maps app එකේ වම් පැත්තෙ උඩ slide menu එකේ your contributions කියන තැන click කලාම local guide කෙනෙක් විදිහට ඔයාල කරපු ඔක්කොම දේවල් තියනවා.


Map එකේ missing places එකතු කරන්නේ කොහොමද?

Google map එකට ගිහින් ඔයාලට add කරන්න ඕනෙ තැන touch කරගෙන හිටියහම රතු පාටින් එතනට pin එකක් වැටෙනවා. ඒ එක්කම යටින් මෙනූ එකක් එනවා. ඒ මෙනූ එකේ යට ම තියනවා add a missing place කියල option එකක්. ඒක click කරාම open වෙන form එක fill කර්ලා submit කලාම google එකෙන් approve කරයි.



විනෝදාංශයක් විදිහට මේ වගේ වගේ reviews කරන එක ඔයාට විතරක් නෙමෙයි ඒවා බලන හැමෝටමත් ගොඩාක් ප්‍රයෝජනවට්ග් දෙයක්. හැමෝටම ඉතා පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් ගැන තමයි මේ ලිපියෙන් අපි කතා කලේ. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් comment කරන්න. ඒ වගේම මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.


Comments

You May Like

GTA V vehicles in Real Life (bikes)

Mommy's tricks