Skip to main content

What Is Bluetooth?

ඉතිහාසය

1989 දී ලෝක ප්‍රසිද්ද Ericsson Mobile සමාගමේ මහාචාර්ය නීල්ස් රයිඩ්බෙක් (Nils Rydbeck) සහ නව නිපැයුම් කරුවෙකු වන ජෝන් ඔල්මන් (John Ollman) විසින් wireless headset එකක් නිපදවීම සදහා මෙම තාක්ශනය යොදාගන්නවා. එලෙස සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ලොව පලමු wireless headset එක නිර්මානය වුනේ 1999 දී ය.

එහිදී යොදාගත් තාක්ශනය වැඩිදියුනු කරමින් කෙටිදුර රේඩියෝ තරංග වලින් පරිගනක වල උපාංග කිහිපයක් එකවර connect කරන්න පුලුන් වන විදිහෙ ක්‍රමයක් පිලිබඳ ව පරීක්ශන කරන්න Nokia, Intel සහ Ericsson යන සමාගම් එකතු වෙනවා. එලෙස සිදුකල පරීක්ශන වල ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ශයේ දී  bluetooth තාක්ශනය ලොවට බිහි වෙනවා.



Bluetooth නම හැදුනු විදිහ

අතීතයේ සිටි වයිකින් රජෙකු වන හැරල්ඩ් බ්ලූටූත් (Harold Bluetooth) හට උපහාරයක් පිනිස ඉන්ටෙල් සමාගමේ ජිම් කාර්ඩැක් (Jim Kardach) විසින්  බ්ලූටූත් යන නාමය යෝජනා කරන ලදී. එම අදහස ඔහු හට පහල වී ඇත්තේ එකල ජිම් කියවමින් සිටි ඉතිහාස ප්‍රභන්දයක් නිසා බව තමයි කියවෙන්නේ.
(උතුරු යුරෝපානු අක්ශර වලින් Harold Bluetooth යන නාමයේ මුලකුරු සම්බන්ද කරගෙන logo එක නිර්මානය කර තිබේ)



Bluetooth තාක්ශනයත් WiFi තාක්ශනයත් අතර සමානකම් දක්නට ලැබේ. නමුත් WiFi හරහා එකවර devices කිහිපයක් එක්ක connect වෙන්න පුලුවන් උනත් Bluetooth මගින් එකවර connect විය හැක්කේ devices දෙකකට පමනයි. Bluetooth මගින් තත්පරයකට සoඛ්යාත තරංග බිලියන 2.4 ක (2.4 GHz) ප්‍රමානයක් නිකුත් කරීමට සමත් වෙනවා(2.4 GHz සoඛ්‍යාත තිබුනට bluetooth තාක්ශනය හරහා data share කරන්න පුලුවන් කෙටි දුර පරාසයක් තුල පමනයි).

Bluetooth තාක්ශනය හරහා එකවර devices 8ක් සමග දත්ත හුවමාරු කරගන්න පුලුවන්


මේ විදිහට අදාල device එකට අදාල data විතරක් share වෙන්න පුලුවන් විදිහට එක් එක් devices අතරෙ සංඛ්‍යාත වර්ග 79ක් භාවිතා වෙනවා. ඒ වගේම මෙම සංඛ්‍යාත තත්පරයකට 1600 වතාවක් වෙනස් වෙනවා.



මොකක්ද මේ පීකොනෙට්??

පීකොනෙට් (piconet) කියන්නේ Bluetooth හරහා devices දෙකක් අතර ඇතිකර ගන්නා ජාලයක ට. මේ ජාලය ඇතිකර ගත්තොත් විතරයි Bluetooth හරහා devices connect වෙන්නේ.

තවත් විස්තර කලොත්, ඔයාගෙ phone එකෙන් ඔයාගෙ headset එකට යවන digital request එක ඔයාගෙ headset එක accept කලොත් විතරයි ඔයාට headset එකත් එක්ක connect වෙන්න පුලුවන්. Bluetooth තිබ්බ පලියට හැම device එකක් එක්කම connect වෙන්න බැරි මේ piconet මගින් ඇතිකරන network නිසා තමයි.


Comments

You May Like

GTA V vehicles in Real Life (bikes)

Mommy's tricks

Local guide ගැන සිංහලෙන්