Skip to main content

මහ මැතිවරණයක ආසන බෙදී යන ආකාරය



මේ ලිපිය පාදක වෙලා තියෙන්නේ මනාප ඡන්දය ක්‍රමයෙන් පාර්ලිමේන්තුව සඳහා යම් අපේක්ශකයෙක් තේරීපත් වන ආකාරය පිළිබඳව යි.

5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද?

ඒකට උත්තර...

මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්.

පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම.

පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ.

පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්.
ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා.

උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම්
පක්ශයය A - 6.5
පක්ශය  B - 2.7
පක්ශය C - 0.8

පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ

එතකොට පක්ශය Aට ආසන 5ක්. පක්ශය Bට ආසන 2ක් විදියට මේ වටයේදි. පක්ශය C ට මේ වටයේදී ආසන හිමිවෙන්නේ නෑ.

දැන් මුලු ආසන 10න් 1ක් මුලින්ම Aට දුන්නා.

මේ වටයෙන් 6ක් දුන්නා Aට, 2ක් දුන්නා Bට
තව ඉතුරුයි ආසන 1ක්

පියවර 5- ඉතුරු ආසනය කාටද?

ඊලඟට එක් එක් පක්ශයේ ඉතුරු දශම ගණන විතරයිනේ. ඒක බලනවා

Aට - 0.5ක් තියෙනවා (6.5න් 6ක් ගත්තා කලින්)
Bට - 0.7ක් තියෙනවා
Cට - 0.8ක්ම තියෙනවා. (මුල් වටයට අහු උනේ නෑනේ)

ඊලග ආසනේ දෙන්නේ වැඩිම දශම ගණන හිමි පක්ශයට. ඒ අනුව C පක්ශයට ඉතුරු ආසනේ ලැබෙනවා.

අවසන් ප්‍රතිපලය
A - 7
B - 2
C - 1

ඒ කියන්නෙව් 5% තිබ්බොත් ලැබෙනවා කියන 1ද?
5%ක් තිබ්බට ලැබෙන්නේ නෑ. ආසන බෙදන්න තරඟයට සුදුසුකම් ලබනවා විතරය. අර දශම ගණන බෙදනකොට B පක්ශය 2.8ක් වෙලා, C 0.7ක් උනා නම් ඒ ආසනේ යන්නෙත් Bට.
ඒ නිසා 5% තිබ්බා කියලා ආසන ලැබෙන්නේ නෑ.

හැබැයි කොළඹ ගම්පහ වගෙ ආසන 19ක් 18ක් තියෙන ආසනවල 5% ගත්තොත් අනිවාර්යයෙන් ආසනයක් ලැබෙනවා මේ ගණන් කරන විදියට.


තවත් බොහෝ දේ වෙත 

Comments

You May Like

GTA V vehicles in Real Life (bikes)

Mommy's tricks

Local guide ගැන සිංහලෙන්